Our History

Welcome!

“Ime Cha Subhadda Bhikkhu Samma Viharayeung, Na Sugngno Loko Arahantai Assa”

If these Bhikkus do well, the world will not be empty of people who achieve enlightenment. ”- (Great Parinibbana Sutta, Deegha Nikaya.)

The “Ehipassiko International Meditation Center”which is a Theravada Buddhist Religious center, was established to carry out the noble Buddhist mission of providing guidance to thousands of devotees around the world over providing them with guidance to emancipate themselves from recurring suffering by ‘liberating the transcending’ the construct of the mind, by following the eight fold noble path preached by the Buddha.

This institution was founded, 10 years ago in Sri Lanka by Venerable Anuradhapura Ariyajeewa Thero in the name of “Ariya Chitta Viveka Senasuna” and was later reformed as the “Ehipassiko International Meditation Center”.

‘Ehipassiko’ strives to disseminate knowledge based on the pure & undefined noble teachings of the Buddha, which unfortunately continue to disappear, due to erroneous preachings of doctrine.

Ehippasiko’s programs mainly consists of Dhamma sermons and Practical Meditation Training sessions permitting both the novice and experienced explorers of the Dhamma to fortify and align their perception in line with the Buddhist philosophy.

Dhamma sermons are programmed based on the teachings of the Buddha while the dissemination of it is delivered by Buddhist monks who are also meditation masters and spiritual advisers in the realm of the Dhamma.

Among the various programs hosted by the ‘Ehipassiko International Meditation Center’ are:

  • Weekly sermons and practical meditation sessions which are conducted on behalf of the seekers of the Dhamma who able to follow the course for full time. (More Info)
  • Monthly Dhamma sermons and practical meditation training programs aimed at seekers who function on a busy schedule but are interested in following the course. (More Info)
  • Seven- or 15-day residential meditation programs are organized parallel with the programs described above for the further development of Dhamma knowledge gained based upon the fundamentals. (More Info)
  • Programs are in place to practice meditation in solitary confinement which is a staple for the consistent meditation practitioners. (More Info)

Furthermore, the ‘Ehipassiko’ International Meditation Center spearheads various programs to preserve the rituals and traditions of ancient Buddhism.

For an example:preparation of the“Cheewara” and the “Pathra” for the use of Buddhist monks and the ‘Pindhapatha’ journey by Buddhist monks etc.,which is aimed at reviving Buddhism.

May the Supreme light of the Buddhist doctrine Shine Forth!


“ඉමෙ ච සුභද්ද භික්ඛු සම්මා විහරෙයූං, න සුඤඤෝ ලෝකෝ අරහන්තයි අස්ස”

සුභද්ද ය ,  මේ  භික්ෂුහු මනාකොට වෙසේනම්, ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය”

 – (මහා පරිනිබ්බාන සුත්‍රය, දීඝ නිකාය.)

වර්තමානයේ “ඒහිපස්සිකෝ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය” නමින් උතුම් ශාසනික මෙහෙවරක නියැලෙන  ථෙරවාද බෞද්ධ ආගමික මධ්‍යස්ථානය, මීට වසර 10කට පෙර අති පුජ්‍ය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨාණාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් “අරිය චිත්ත විවේක සෙනසුන” නමින් කුරුණෑගල, කොන්පොල ශ්‍රී අභයාරාමයේදී ආරම්භ කොට, වර්තමානයේ  “ඒහිපස්සිකෝ  ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය”  නමින්  ප්‍රතිස්ථාපනය කර, සම්මා සම්බුදුවරුන්ගේ ඒකායන අපේක්ෂාව වූ දුකට මුලාවට පත්වූ සත්වයනට උතුම් විමුක්තිය සාක්ෂාත් කරවීම පිණිස, ලෝකවාසී දෙනොදහසක් පිරිසට දහම් මඟ ගමන් කිරීම  සඳහා මාර්ගෝපදේශනය ලබාදෙයි.

සීග්‍රයෙන් අතුරුදහන් වෙමින්  පවතින නිර්මල වුත් අති දුර්ලභ වුත් උතුම් ශ්‍රී සද්ධර්මය මනාකොට දැනගෙන, ප්‍රයෝගික විදර්ශනා භාවනා කර්මස්ථානයන් වැඩීම ඔස්සේ ලෝකයේ යථාර්තය පිලිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයකට පත්කිරීමේ අභිලාෂයෙන්, “අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා” යන බුදු වදනට අනුව යමින් ඒහිපස්සිකෝ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය විසින් දක්ෂ ධර්ම ගවේෂයකුට අභිමත පරිදි ධර්මයේ මුල මැද සහ අග මනාකොට ගලපවමින් ප්‍රතිපත්ති ශාසනයක අත්දැකීම ලබාදීම සඳහා ශ්‍රී සද්ධර්ම දේශනාවන් සහ ප්‍රයෝගික භාවනා පුහුණු වැඩසටහන් වලින් සමන්විත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ” ඒහිපස්සිකෝ” හි අභිප්‍රායයි. 

ඒ සඳහා “ඒහිපස්සිකෝ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය” විසින් දියත් කෙරෙන විවිධ වැඩසටන් අතර,

– සතිපතා ක්‍රියාත්මක වන ශ්‍රී සද්ධර්ම දේශනාවන් සහ ප්‍රයෝගික භාවනා පුහුණු වැඩසටහන් පුර්ණ වශයෙන්  දහම් මඟ තුළ ගමන් කරන  ධර්ම ගවේෂයකයන් සඳහා පැවැත්වේ. (වැඩි විස්තර සඳහා)

– මාසිකව ක්‍රියාත්මක වන ශ්‍රී සද්ධර්ම දේශනාවන් සහ ප්‍රයෝගික භාවනා පුහුණු වැඩසටහන් ප්‍රධාන වශයෙන් අරමුණු කොට ඇත්තේ, කාර්යබහුලත්වය තුළ කටයුතු කරන එහෙත් දහම් මඟ තුල නියැලීමට අපේක්ෂාවෙන්  යුතු පින්වතුන්  උදෙසාය.  (වැඩි විස්තර සඳහා)

– ඉහත වැඩසටහන් වලට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන දින 7ක හෝ දින 15ක  නේවාසික භාවනා පුහුණු වැඩසටහන් තුලින්, ලබාගත් ධර්ම දැනුම ප්‍රත්‍යක්ෂ අවබෝධයන් කරා වර්ධනය කිරීම “එහිපස්සිකෝ” හි අපේක්ෂාවයි.  (වැඩි විස්තර සඳහා)

– භාවනා දර්ශනයන් තුළ ස්ථාවර වූ පුහුණු භාවනායෝගීන් සඳහා අවශ්‍ය  වනවාසී/ආරණ්‍යවාසී හුදකලා පරසරයක භාවනායෝගීව වාසය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වේ..  (වැඩි විස්තර සඳහා)

– කෙමින් වැළලී යන අතීත ශාසනික චාරිත්‍ර වාරිත්‍ර විධි ආරක්ෂා කිරීම වස්, ක්‍රියාත්මක කෙරෙන විවිධ වැඩසටහන් “ඒහිපස්සිකෝ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය”  මුලිකත්වයෙන් කෙරේ. උදාහරණ වශයෙන්; භික්ෂුන්  වහන්සේලාගේ පරිහරණය සඳහා චීවර සැකසීම, පාත්‍රා සැකසීම සහ පිණ්ඩපාත චාරිකා ආදී  අතීත ශාසනික ක්‍රමවේද ඒ ආකාරයෙන්ම  සිදුකිරීම තුලින් ශාසනික පුනරුදයක් ඇතිකිරීම  ” ඒහිපස්සිකෝ” හි අපේක්ෂාවයි.

ඉහත සියලු ශාසනික මෙහෙවර ධර්මයන් තුලින් බිහිවන ප්‍රතිපත්ති ගරුක ආර්ය ශ්‍රාවකයින්, ප්‍රතිපත්ති ශාසනයේ බැබලවීමටත්, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත්, හේතු වාසනා වේවායි  ” ඒහිපස්සිකෝ ” හි ඒකායන පැතුමයි.

උත්තම ශාසනය ප්‍රතිපත්තියෙන් බැබලේවා!

Office Hours

8.30 am – 3:30 pm
Monday through Sunday

Contact Us

Ehipassiko International Meditation Center, Koonpola, Doratiyawa, Kurunegala
Tel: +94703778505 | +94763229860

 @ehipassiko. All Rights Reserved.